Tuesday, 8 October 2024

 සුන්දර පහන්තුඩාව 

පහන්තුඩාව දිය ඇල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ බෙලිහුල්ඔය නගරයට නුදුරින් පිහිටි මනරම් සහ සන්සුන් දිය ඇල්ලකි. එහි ඇති සුවිශේෂී හැඩය සහ නිස්කලංක පරිසරය නිසා සොබා දහමට ආදරය කරන්නන් ආකර්ෂණය කරන සැඟවුණු මැණිකකි.

දිය ඇල්ල "පහන්තුඩාව" ලෙස නම් කර ඇත්තේ එහි තටාකය සිංහල භාෂාවෙන් "පහන" ලෙස හඳුන්වන සම්ප්‍රදායික තෙල් පහනක පහනක් මෙන් හැඩැති බැවිනි. පටු ද්‍රෝණියකට ජලය ගලා බසින අතර, එය පහනක දැලට කැපී පෙනෙන සමානකමක් ඇති කරයි.

 පහන්තුඩාව පිහිටා ඇත්තේ කොළඹ සිට කිලෝමීටර් 170ක් පමණ දුරින් බෙලිහුල්ඔය ප්‍රදේශයට ආසන්නයේය. එය හෝටන් තැන්න පාමුල පිහිටා ඇති අතර බෙලිහුල්ඔය තානායමේ සිට කෙටි ගමනකින් ප්‍රවේශ විය හැක.  එය කලාපයේ තවත් දර්ශනීය ස්ථානයක් වන සමනලවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇත.

කඳු නැගීම සහ සොබාදහම දිය ඇල්ලට යන මාර්ගය සශ්‍රීක හරිතයන් හරහා මධ්‍යස්ථ ගමනක් අවශ්‍ය වන අතර අවට භූ දර්ශනය කඳු සහ වනාන්තරවල විශ්මයජනක දසුන් සපයයි. කඳු නැගීම, කුරුල්ලන් නැරඹීම සහ ඡායාරූපකරණයට කැමති අයට එය කදිම ස්ථානයකි.දිය ඇල්ල කඳුකරයේ ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශයේ කොටසකි, අමුත්තන්ට විවිධ ශාක හා සත්ත්ව විශේෂ හමුවිය හැකිය. අසල ඇති බෙලිහුල්ඔය ගඟ දිය ඇල්ලට දායක වන අතර කලාපයට ස්වභාවික චමත්කාරය එක් කරයි.ශ්‍රී ලංකාවේ අනෙකුත් සමහර දිය ඇලි තරම් පුළුල් ලෙස ප්‍රකට නොවූවත්, පහන්තුඩාව සංචාරකයන් අතර වැඩි වන ආකර්ෂණයක් ඇත. හුදෙකලාව සොයන අයට සහ සොබාදහම සමඟ සම්බන්ධ වීමට එය ඉතා සුදුසු ය.


සංචාරය කරන්නේ කෙසේද:

ළඟම නගරය: බෙලිහුල්ඔය.

පහන්තුඩාව නැරඹීමට හොඳම කාලය වන්නේ දියඇල්ල වඩාත් විශිෂ්ඨ ලෙස පවතින වැසි සමයේදී (ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ලිස්සන සුළු මාර්ග නිසා ප්‍රවේශම් විය යුතු වේ.

කඳු නැගීමකට සූදානම්ව සුදුසු පාවහන් පළඳින්න. දිය ඇල්ල අවට ප්‍රදේශය සාපේක්ෂව නොදියුණු බැවින් නරඹන්නන් ජලය සහ කෙටි ආහාර රැගෙන ආ යුතුය.පහන්තුඩාව සන්සුන් වාතාවරණයක් සහ සුන්දර ස්වභාවික දර්ශනයක් ලබා දෙමින් ස්වභාවධර්මයට සාමකාමී පසුබැසීමක් සඳහා පරිපූර්ණයි.



 

Monday, 10 July 2023

සීගිරිය

 සීගිරිය

sigiriya

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 06ක් පමණ දුරින් සීගිරිය පිහිටා ඇත. මුහුදු මට්ටමෙන් අඩි 1214ක් පමණ උසින් ද අවට භූමියෙන් අඩි 650ක් උසින් ද තනි පර්වතයක් ලෙස සීගිරි බලකොටුව පිහිටා ඇත. පර්වත පාදයේ බටහිර පැත්තේ ඇති බෞද්ධ ලෙන් විහාරයක නටඹුන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත්වන නිසා ක්‍රි.පූ. 3 වන සියවසේ පටන් පැවති බව සඳහන් වේ. එසේ වුවද සීගිරිය ලෝක ප්‍රකට කලා නිකේතනයක් වූයේ 1 වන කාශ්‍යප (ක්‍රි.ව.477-495) එය තම රාජධානිය කර ගැනීමෙන් අනතුරුවයි. ආරක්ෂිත බලකොටුවක් ලෙස රාජමාලිගයක් හා නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් ආලකමන්දාවේ කුවේරයා ලෙස ජීවත් වූ බව මහාවංශය සඳහන් කරයි. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඵෙතිහාසික අවධි 08ක් හඳුනාගෙන තිබේ.

එනම්, ආදී ආරාමික අවධිය - ක්‍රි.පූ.3,2 වන සියවස්හි සිට ක්‍රි.ව.1 වන සියවස දක්වා, සීගිරිය පර්වතය පාමුල වූ කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතුකොට පිදූ බව දැක්වෙන බ්‍රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය. අවධිය පූර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව.1 සියවසේ සිට 5 වන සියවස දක්වා. මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. අවධිය - කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495 අවධිය - පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය පශ්චාත් කාශ්‍යප යුගය අවධිය - අත්හැරීම් යුගය - ක්‍රි.ව. 13-17 සියවස් දක්වා අවධිය නුවර යුගය - 17-19 සියවස් අවධිය - නූතන පුනරුදය - 1830 ගණන්වල සිට 70 දශකය දක්වා ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කලමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හඳුන්වාදිය හැකිය.

11982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යා භූමියකි. සීගිරිය සංකීර්ණ කොටස් කීපයකි. සීගිරිය පර්වතය හා ඒ මත ඇති මාලිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්‍යාන, උයන්, දිය අගල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය දිය අගල් හා පවුරු සහිත නැගෙනහිර භූමි භාගය මෙම අලංකාර ඉදිකිරීම් වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වූ කුරුටු ගී නිසාය.



අසිරිමත් සීගිරි බිතු සිතුවම්

සීගිරි බිතු සිතුවම්වල දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ ඉඟටියෙන් උඩ නග්න රූප පමණක් සිතුවම් කර තිබීම යි. එම චිත්‍ර ඇඳීම සඳහා වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබීම සුවිශේෂී ලක්ෂණයක්. සීගිරි චිත්‍ර ඇඳීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කර තිබෙන්නේ රතු, කහ, කොළ, සහ කළු යන වර්ණයන් හතර යි. එහි දී නිල් වර්ණය භාවිතා කර නොතිබීම සුවිශේෂී ලක්ෂණයි.

කැටපත් පවුරට අඩි 44ක් පමණ ඉහළින් පිහිටා ඇති සිතුවම් සහිත ලෙන අඩි 60ක පමණ දිගකින් යුක්ත යි. සිතුවම් ඇඳීම සඳහා එහි තිබෙන රළු බිත්තිය සුමට කර ඇත්තේ සුවිශේෂී බදාමයක් භාවිතා කරමින්. බදාම සෑදීම සඳහා දිවුල් ලාටු, මකුළු මැටි, මී පැණි, හුණු යනාදිය භාවිත කළ අතර එම බදාම සුමට කරන ලද්දේ දහයියා සහ පොල් කොහු සමග කිරිමැටි හා මැටි මිශ්‍ර කර සාදාගත් බදාමයකින් බැව් පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්‌වාමි මහතා පෙන්වා දෙයි. වර්ණ නිපදවීමේ දී ගොකටු කිරි සහ රණවරා ආදී ශාක යුෂ වර්ග භාවිතා කළා. එසේම චිත්‍ර වර්ණ ගැන්වීමේ දී බුරුසු සාදා ඇත්තේ වැටකෙයියා කෙඳිවලිනි. සීගිරි බිතු සිතුවම් ඇඳීමේ දී තෙත බදාම තාක්‌ෂණයත් වියළි බදාම තාක්‌ෂණයත් භාවිත කර තිබීම සුවිශේෂී ලක්ෂණයිකි.


සීගිරි බිතු සිතුවම් පිළිබඳව පළවුණු විවිධ මත
 

සීගිරි බිතු සිතුවම්වලින් නිරූපණය වන්නේ කුමක්දැ යි කියා තවමත් නිශ්චිතව හඳුනාගෙන නැහැ. එදා සිට අද දක්වා කීර්තිමත් පුද්ගලයන් කිහිපදෙනෙකුම සීගිරි බිතු සිතුවම් පිළිබඳව විවිධ මතවාදයන් පළ කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම පුද්ගලයන් සීගිරි බිතු සිතුවම් පිළිබඳව ඉදිරිපත් කළ මතයන් කිහිපය යි. 

H.C.P බෙල් 

H.C.P බෙල් සඳහන් කරන්නේ මෙම සිතුවම්වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත්, නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය. ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වැඳීමට යන බව ඔහුගේ මතයෙහි වැඩිදුරටත් සඳහන්  වේ.

සෙනරත් පරණවිතාන

රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වැහි වළාකුළුත් නිරූපණය කෙරෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතය යි.

ආනන්ද කුමාරස්වාමී 

සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන නිසාත් වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට තිබෙන නිසාත් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බව ඔහු පැවසුවා. ඔහුට අනුව මෙහි සිතුවම් කර ඇත්තේ දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වස්සවන ආකාරය යි.

මාර්ටින් වික්‍රමසිංහ

සුප්‍රසිද්ධ ගත් කතුවරයෙකු වුණු මාර්ටින් වික්‍රමසිංහගේ මතය වුණේ රජතුමා ගේ බිසෝවරුන් හා සේවිකාවන් ජල ක්‍රීඩා කරන ආකාරයක්‌ මේ චිත්‍රවලින් නිරූපනය කරන බවයි.

නන්දදේව විජේසේකර 

නන්දදේව විජේසේකරගේ මතය වුණේ කාශ්‍යප රජුගේ වියෝව නිසා වැළපෙන ඇතොවුර බිසෝවරුන් මෙම සිතුවම්වලින් නිරූපණය වන බවයි.










ටජ්මහල

 ටජ්මහල



 ජ්මහල ආදරයේ සංකේතයයි. යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන ටජ්මහල පිහිටා ඇත්තේ අසල්වැසි ඉන්දියාවේය. නූතන පුදුම හතට අයත් අපට ආසන්නයෙන්ම ඇති ‘පුදුමය’ වන්නේ ද ටජ්මහලය. මෙය කිරිගරුඬ සොහොන් ගැබකි. ටජ්මහල සම්බන්ධයෙන් කනගාටුදායක පුවත් මේ වනවිට අසන්න ලැබෙයි. ඒ, එහි ඇති කිරිගරුඬ පැහැය කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතින බවත්, එය අවර්ණ කොළ පැහැයක් ගන්නා බවත්ය. ටජ්මහල පිහිටා ඇත්තේ යමුනා නදිය අසබඩය. යමුනා නදිය මේ වනවිට දූෂණය වී ඇත. ඒ, ඊට එක් කරන අපද්‍රව්‍ය හේතුවෙනි. නදිය මෙසේ දූෂණය වීම, ටජ්මහලට අනතුරකි. ටජ්මහල අව පැහැ ගැන් වී ඇත්තේ මේ නිසාය. එපමණක් නොව, අපවිත්‍ර නදිය ආශ්‍රිතව කෘමි සතුන් බෝ වී ඇති අතර උන් ටජ්මහලේ බිත්තිවල වැසීම හේතුවෙන් ද ටජ්මහල අව පැහැ ගැන්වෙන බව පැවැසෙයි. ටජ්මහලේ පැහැය වෙනස්වීම් සම්බන්ධයෙන් ඉන්දියානුවන් බොහෝ දෙනා ඉන්දීය මධ්‍යම රජයට පමණක් නොව, ටජ්මහල පිහිටි අග්‍රා අයත් නවදිල්ලි බලධාරීන්ට කනස්සල්ල පළ කර ඇත. කෙසේ නමුත් එයින් ඵලක් නොවිණි. ඒ අනුව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊට මැදිහත් විය. ටජ්මහලේ පැහැය වෙනස් වීම සම්බන්ධයෙන් වහා සොයා බලා, එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට නියෝග කළේය. ඉන්දීය විශේෂඥයන්ට ටජ්මහල ආරක්ෂා කරගැනීමට නොහැකි නම්, විදෙස් විශේෂඥයන් ගෙන්වා හෝ එය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය. ටජ්මහල මුස්ලිම් අධිරාජ්‍යයකු විසින් ඉදිකළ සොහොන් ගැබකි. ඉන්දියාවේ හින්දු බහුතරය ටජ්මහල ආරක්ෂා කරගැනීමට තැකීමක් නොකරන්නේ එහෙයිනි. එපමණක් නොව, ටජ්මහල පිළිබඳ ඉතිහාසය, පාසල් ඉතිහාස පොත්වලින් ඉවත් කිරීමට ද හින්දු ජාතිකවාදීන් කටයුතු කර ඇති බව පැවැසෙයි. 


නූතන පුදුම 7ට අයත් ටජ්මහල ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි සොහොන් ගැබකි. මෙය කිරිගරුඬ මන්දිරයකි. ටජ්මහල ඉදිකර ඇත්තේ ෂා ජහාන් මෞගල් අධිරාජ්‍යයාය. ඒ, ඔහු බෙහෙවින් ආදරය කළ ඔහුගේ දේවිය මුම්ටාස් මහාල්ගේ දේහය තැන්පත් කිරීම සහ ඇය සිහිවීම සඳහාය. ඉන්දියාවේ, ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ මහිමය ලොවට කියාපාන සංකේතය ටජ්මහලය. ටජ්මහල ඉදිකර ඇත්තේ පර්සියානු (වර්තමානයේ ඉරානය), තුර්කිය සහ ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවෙනි. 
 1983 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ටජ්මහල නම් කෙරුණි. ටජ්මහල ගොඩනැගිලි සංකීර්ණයකි. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය ලෙස සැලකෙයි. ටජ්මහලේ ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගණනකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් වූ බව පැවැසෙයි. ෂා ජහාන් අධිරාජ්‍යයාගේ මඟපෙන්වීම යටතේ, ඉදිකිරීම්වලට දායක වුණු ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පීන් ලෙස සැලකෙන්නේ අබ් උල් කරීම්, මාමුර් ඛාන්, මක්‍රමත් ඛාන් යැයි ද පැවැසෙයි. ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන්නේ උස්ටාඩ් අහමඩ්ල හාවුරිය. ෂා ජහාන් මෞගල් අධිරාජ්‍යයාගේ එකම බිරිඳ මුම්ටාස් දේවිය නොවීය. කෙසේ නමුත් ඔහු වැඩියෙන්ම ආදරය කළ දේවිය ඇයයි. ටජ්මහල ප්‍රේමයේ සංකේතයක් ලෙස ද සැලකෙන්නේ එහෙයිනි. මුම්ටාස් දේවිය, ෂා ජහාන් අධිරාජ්‍යයාගේ තෙවැනි බිරිඳ ය. ඇය 1631 වසරේ දී මියගියේ දරු උපතේදී ය. ඇගේ වියෝව ෂා ජහාන් අධිරාජ්‍යයාට මහත් කම්පනයක් ගෙන දුන්නේ යැයි ඉන්දීය ඉතිහාස කතාවල සඳහන් වෙයි. 
ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණයේ ප්‍රධාන අංගය ලෙස සැලකෙන සොහොන් ගැබ සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර තිබේ. මෙය බොහෝ මෞගල් ගොඩනැඟිලි මෙන්ම ඉවාන් හෙවත් ආරුක්කු හැඩැති දොරටුවකින්, විශාල බුබ්බුලාකාර කොතකින් සහ කොත් කැරැල්ලකින් සමන්විතය. පාදමේ සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික අෂ්ටාස්‍ර හැඩයක් ගනී. මෙහි එක පැත්තක් මීටර් 55 (අඩි 180) පමණය. මෙම සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මාර්ග තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා ඇත්තේ ගොඩනැඟිල්ලේ සෑම පැත්තක්ම සමමිතික වන අයුරිනි. ප්‍රාසාද හතරක් ගොඩනැගිල්ලේ පාදමේ කොන් හතරේ පිහිටයි. ප්‍රධාන කුටීරයේ මුම්ටාස් දේවිය පමණක් නොව, ෂා ජහාන් රජුගේ ‘බොරු’ සොහොන් ගැබ ඉදිකර ඇත. සැබෑ සොහොන් ගැබ ඇත්තේ ඊට පහළිනි. 


කිරිගරුඬ බුබ්බුලාකාරය මෙම මන්දිරයේ විශේෂම අංගය වේ. එය මීටර් 35 (අඩි 155) පමණ උසය. මෙය සිලින්ඩරාකාර හැඩැති මීටර් 7 (අඩි 23) පමණ උස සිංගාරමක් මත පිහිටයි. මෙහි හැඩය නිසාම ලූනු ගෙඩියේ හැඩය ගත් බුබ්බුලාකාරය ලෙස හදුන්වයි. එහි මුදුන නෙළුම් මල් මෝස්තරයෙන් නිමකර ඇත. මෙම බුබ්බුලාකාරයෙහි හැඩය ඉස්මතුවීම සඳහා තවත් කුඩා බුබ්බුලාකාර සතරක් කොන් සතරෙහි නිමකර ඇත. එහි වහලය ස්ථම්භවලින් ඔසවාගෙන ඇති අතර එමඟින් ආලෝකය ගොඩනැඟිල්ල තුලට ගමන් කරයි. ප්‍රධාන බිත්ති අග උල් වූ තුඩුවලින් අලංකාර කර ඇති අතර එමඟින් ගොඩනැඟිල්ලට උස් බවක් එක්වී ඇත. බුබ්බුලාකාරය මත සාම්ප්‍රදායික හින්දු සහ පර්සියන් මෝස්තරයෙන් හැඩ ගැන්වූ කොත් කැරැල්ලකි. මෙම කොත් කැරැල්ල මුලින් රත්‍රන්වලින් නිමවා ඇති අතර 19 සියවස මුල් භාගයේදී එය තඹවලින් නිමවූ කොත් කැරැල්ලකට ප්‍රතිස්ථාපනය කර ඇත. මෙයට හින්දු හා පර්සියන් නිර්මාණ ශෛලියන් මුසු වී ඇති අතර මෙහි මුදුනේ හඳක හා ඉස්ලාමීය නිර්මාණයකින් යුක්ත වේ. මෙම නිර්මාණයේ හදේ තුඩු හා කොතෙ තුඩු එක්වූ කල ශිව දෙවියන්ගේ සලකුණක් වන ත්‍රිශූලය සිහි කරවනු ලබයි. බුබ්බුලාකාරය හා තැන්පත් ගර්භය තුළ වැලිගල් සහිත මතුපිටෙහි විශිෂ්ට ජ්‍යාමිතික චිත්‍ර, කතිර රටා හා කැටයම්වලින් සමන්විතය. සුදු පැහැති ඔබ්බවන ලද කැටයම් වැලිගල් මතද කළු පැහැති ඔබ්බවන ලද කැටයම් කිරිගරුඬ මත ද නිමකර තිබේ. හුණු බදාමයෙන් කළ කොටස් විචිත්‍ර ලෙස වර්ණ ගන්වා ඇති අතර පොළොව සඳහා එකින් එකට වෙනස් වූ පිඟන් ගඩොල් රටා යොදාගෙන ඇත. පහළ මට්ටමේ ඇති බිත්ති පේකඩ නම් මුර්ති නිර්මාණ ශිල්පයෙන් අලංකාර කර ඇත. මෙහි කිරිගරුඬ පසුබිම ඔප දමා ඇති අතර එමඟින් කැටයම් වඩාත් විස්තර සහිතව දිස්වෙයි. පහළ බිත්ති කොටස්, ආරුක්කු දෙපස කොටස් ජ්‍යාමිතික හැඩ, මල් හා පලතුරු වැල්වලින් අලංකාර කර ඇති අතර මේ සඳහා සුර්යකාන්ත පාෂාණය, හරිතමණි පාෂාණය හා කහ ගරුඬ යොදාගෙන ඇත. 

 



 

Friday, 2 June 2023

 

චීන මහා ප්‍රාකාරය

Great Wall 2017


චීනයට යන එන සංචාරකයින් අතර වඩා ජනප්‍රිය  ආකර්ෂණීය වූ නැරඹුම් ස්ථානයකි චීන මහා ප්‍රාකාරය.  මෙහි ඉදිකිරීම හා එහි අරමුණ අතර ඉතාමත් ඈතට දිව යන ඉතිහාසයක් පවතී.

 විශේෂයෙන් ම එවකට එහි අගනගරය වූ බීජිං නගරය ආසන්නයේ වූ කොටස ඉතාම ශක්තිමත් ව ඉදි කෙරිණි.එමෙන් ම චීන මහා ප්‍රාකාරය 1987 දී  යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කෙරුණේ ද මෙහි ඉදිකිරීම්වල දක්නට ඇති ලෝ මවිත කළ සුවිශේෂීතාවය හේතුවෙනි. 

චීන මහා ප්‍රාකාරය යනුවෙන් හඳුන්වන්නේ චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කරන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි.

 පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන්  විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේ වන විට ඉන් ඉතිරි ව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

great wall2017
ක්‍රි.පූ. 5 සිට ක්‍රි. පූ 221 දක්වා කාලය තුළ චීනය  Qin, Wei, Zhao, Qi, Yan සහ  Zhongshan ලෙස රාජ්‍යය වලට වෙන්වී පැවතුනි. එම කාල පරාසය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින් ම සලසා ගැනීමට පුරුදු විය. සතුරාගෙන් එල්ල වන කඩු හා හෙලි වැනි සුළු ප්‍රහාර වලදී සතුරාට මුහුණ දීමට මෙම ප්‍රාකාරය ඉදිකරන බව කියැවේ. ක්‍රි.පූ 221 දී අනෙක් සියලු රාජ්‍යයන් පරාජය කළ Qin රාජ්‍යයේ පාලකයා වූ Zheng  රජු, චීනය එක්සේසත් කර Qin රාජවංශයේ  (221–206 ක්‍රි.පූ) පළමු අධිරාජයා බවට පත් විය.

මොහු කලින් රාජ්‍යයන් වෙන් කෙරන සේ ඉදි කොට තිබූ ප්‍රාකාර කඩා දමා එවායේ සමහරක් තැන් ද එක්වන්සේ තමා අධිරාජ්‍යයේ ආරක්ෂාවට ප්‍රාකාරයක් ඉදිකිරීම ඇරඹිය. ඒ අනුව, උතුරින් සියොන්ග්නු 
 ගේ පිරිසගෙන් අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමට අළුත් ප්‍රාකාරයක් ඉදි කිරීමට පියවර ගැනුණි. මින් පසු ඇති වූ Han රාජවංශය ( 206 ක්‍රි.පූ– 220 ක්‍රි.ව) , Sui රාජවංශය ( 220–618 ක්‍රි.ව) තව දුරටත් ප්‍රාකාරය අලුත් වැඩියා කිරීමද වැඩිදියුණු කිරීමද සිදු කෙරිණි. කෙසේ නමුදු මින් පසු ඇතුවූ Tang (618-907) සහ Song (960-1279) යන රාජවංශ මෙහි ඉදිකිර්‍රම් වලට දායක නොවූ බව පැවසෙයි.


Ming අධිරාජ්‍යයේ (1368-1644) බිහි වීමත් සමඟ නැවත මෙහි වැඩ කටයුතු ඇරඹුන අතර පෙරට වඩා ශක්තිමත් වන ලෙස ගල් සහ ගඩොල් යොදා ගනිමින් ඉදි කිරීම කෙරුණි. දළ වශයෙන් 25000ක පමණ නිරීක්ෂණ කුලුණු ප්‍රමාණයක් මෙහි ඉදි කර තිබූ බව සැලකේ.

චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදෙයි. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි. 

ප්‍රාකාරයේ පළල ම ප්‍රදේශය මීටර 9ක් (අඩි 30) පමණ  වන අතර උසින් වැඩිම ප්‍රදේශය මීටර 8ක් (අඩි 30) පමණ වේ.

  සුන්දර පහන්තුඩාව  පහන්තුඩාව දිය ඇල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ බෙලිහුල්ඔය නගරයට නුදුරින් පිහිටි මනරම් සහ සන්සුන් දිය ඇල්ලකි. එහි ඇති ...