Friday, 2 June 2023

 

චීන මහා ප්‍රාකාරය

Great Wall 2017


චීනයට යන එන සංචාරකයින් අතර වඩා ජනප්‍රිය  ආකර්ෂණීය වූ නැරඹුම් ස්ථානයකි චීන මහා ප්‍රාකාරය.  මෙහි ඉදිකිරීම හා එහි අරමුණ අතර ඉතාමත් ඈතට දිව යන ඉතිහාසයක් පවතී.

 විශේෂයෙන් ම එවකට එහි අගනගරය වූ බීජිං නගරය ආසන්නයේ වූ කොටස ඉතාම ශක්තිමත් ව ඉදි කෙරිණි.එමෙන් ම චීන මහා ප්‍රාකාරය 1987 දී  යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කෙරුණේ ද මෙහි ඉදිකිරීම්වල දක්නට ඇති ලෝ මවිත කළ සුවිශේෂීතාවය හේතුවෙනි. 

චීන මහා ප්‍රාකාරය යනුවෙන් හඳුන්වන්නේ චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කරන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි.

 පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන්  විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේ වන විට ඉන් ඉතිරි ව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

great wall2017
ක්‍රි.පූ. 5 සිට ක්‍රි. පූ 221 දක්වා කාලය තුළ චීනය  Qin, Wei, Zhao, Qi, Yan සහ  Zhongshan ලෙස රාජ්‍යය වලට වෙන්වී පැවතුනි. එම කාල පරාසය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින් ම සලසා ගැනීමට පුරුදු විය. සතුරාගෙන් එල්ල වන කඩු හා හෙලි වැනි සුළු ප්‍රහාර වලදී සතුරාට මුහුණ දීමට මෙම ප්‍රාකාරය ඉදිකරන බව කියැවේ. ක්‍රි.පූ 221 දී අනෙක් සියලු රාජ්‍යයන් පරාජය කළ Qin රාජ්‍යයේ පාලකයා වූ Zheng  රජු, චීනය එක්සේසත් කර Qin රාජවංශයේ  (221–206 ක්‍රි.පූ) පළමු අධිරාජයා බවට පත් විය.

මොහු කලින් රාජ්‍යයන් වෙන් කෙරන සේ ඉදි කොට තිබූ ප්‍රාකාර කඩා දමා එවායේ සමහරක් තැන් ද එක්වන්සේ තමා අධිරාජ්‍යයේ ආරක්ෂාවට ප්‍රාකාරයක් ඉදිකිරීම ඇරඹිය. ඒ අනුව, උතුරින් සියොන්ග්නු 
 ගේ පිරිසගෙන් අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමට අළුත් ප්‍රාකාරයක් ඉදි කිරීමට පියවර ගැනුණි. මින් පසු ඇති වූ Han රාජවංශය ( 206 ක්‍රි.පූ– 220 ක්‍රි.ව) , Sui රාජවංශය ( 220–618 ක්‍රි.ව) තව දුරටත් ප්‍රාකාරය අලුත් වැඩියා කිරීමද වැඩිදියුණු කිරීමද සිදු කෙරිණි. කෙසේ නමුදු මින් පසු ඇතුවූ Tang (618-907) සහ Song (960-1279) යන රාජවංශ මෙහි ඉදිකිර්‍රම් වලට දායක නොවූ බව පැවසෙයි.


Ming අධිරාජ්‍යයේ (1368-1644) බිහි වීමත් සමඟ නැවත මෙහි වැඩ කටයුතු ඇරඹුන අතර පෙරට වඩා ශක්තිමත් වන ලෙස ගල් සහ ගඩොල් යොදා ගනිමින් ඉදි කිරීම කෙරුණි. දළ වශයෙන් 25000ක පමණ නිරීක්ෂණ කුලුණු ප්‍රමාණයක් මෙහි ඉදි කර තිබූ බව සැලකේ.

චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදෙයි. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි. 

ප්‍රාකාරයේ පළල ම ප්‍රදේශය මීටර 9ක් (අඩි 30) පමණ  වන අතර උසින් වැඩිම ප්‍රදේශය මීටර 8ක් (අඩි 30) පමණ වේ.

  සුන්දර පහන්තුඩාව  පහන්තුඩාව දිය ඇල්ල යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ බෙලිහුල්ඔය නගරයට නුදුරින් පිහිටි මනරම් සහ සන්සුන් දිය ඇල්ලකි. එහි ඇති ...