සීගිරිය
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 06ක් පමණ දුරින් සීගිරිය පිහිටා ඇත. මුහුදු මට්ටමෙන් අඩි 1214ක් පමණ උසින් ද අවට භූමියෙන් අඩි 650ක් උසින් ද තනි පර්වතයක් ලෙස සීගිරි බලකොටුව පිහිටා ඇත. පර්වත පාදයේ බටහිර පැත්තේ ඇති බෞද්ධ ලෙන් විහාරයක නටඹුන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයට අයත්වන නිසා ක්‍රි.පූ. 3 වන සියවසේ පටන් පැවති බව සඳහන් වේ. එසේ වුවද සීගිරිය ලෝක ප්‍රකට කලා නිකේතනයක් වූයේ 1 වන කාශ්‍යප (ක්‍රි.ව.477-495) එය තම රාජධානිය කර ගැනීමෙන් අනතුරුවයි. ආරක්ෂිත බලකොටුවක් ලෙස රාජමාලිගයක් හා නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් ආලකමන්දාවේ කුවේරයා ලෙස ජීවත් වූ බව මහාවංශය සඳහන් කරයි. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඵෙතිහාසික අවධි 08ක් හඳුනාගෙන තිබේ.
එනම්, ආදී ආරාමික අවධිය - ක්‍රි.පූ.3,2 වන සියවස්හි සිට ක්‍රි.ව.1 වන සියවස දක්වා, සීගිරිය පර්වතය පාමුල වූ කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතුකොට පිදූ බව දැක්වෙන බ්‍රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය. අවධිය පූර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව.1 සියවසේ සිට 5 වන සියවස දක්වා. මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. අවධිය - කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495 අවධිය - පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය පශ්චාත් කාශ්‍යප යුගය අවධිය - අත්හැරීම් යුගය - ක්‍රි.ව. 13-17 සියවස් දක්වා අවධිය නුවර යුගය - 17-19 සියවස් අවධිය - නූතන පුනරුදය - 1830 ගණන්වල සිට 70 දශකය දක්වා ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කලමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හඳුන්වාදිය හැකිය.
11982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යා භූමියකි. සීගිරිය සංකීර්ණ කොටස් කීපයකි. සීගිරිය පර්වතය හා ඒ මත ඇති මාලිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්‍යාන, උයන්, දිය අගල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය දිය අගල් හා පවුරු සහිත නැගෙනහිර භූමි භාගය මෙම අලංකාර ඉදිකිරීම් වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වූ කුරුටු ගී නිසාය.
අසිරිමත් සීගිරි බිතු සිතුවම්
සීගිරි බිතු සිතුවම්වල දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ ඉඟටියෙන් උඩ නග්න රූප පමණක් සිතුවම් කර තිබීම යි. එම චිත්‍ර ඇඳීම සඳහා වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබීම සුවිශේෂී ලක්ෂණයක්. සීගිරි චිත්‍ර ඇඳීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කර තිබෙන්නේ රතු, කහ, කොළ, සහ කළු යන වර්ණයන් හතර යි. එහි දී නිල් වර්ණය භාවිතා කර නොතිබීම සුවිශේෂී ලක්ෂණයි.
❤️🔥
ReplyDelete👍👍
ReplyDelete😍❤️
ReplyDelete❤❤
ReplyDeleteGreat 😍
ReplyDeleteSupper❤️
ReplyDeleteGreat👍
ReplyDelete